තොරතුරු පනත ගැසට් කරයි

පසුගිය ජූනි 24 වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ තොරතුරු දැනගැනීමේ පනත පෙබරවාරි 03 වැනිදා සිට බලාත්මක වන පරිදි ක්‍රියාත්මක කරමින් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

රජයේ අමාත්‍යාංශයන්, මණ්ඩලයන්, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, සංස්ථාගත සමාගම්, පළාත් පාලන ආයතන, පළාත් දෙපාර්තමේන්තු හා පළාත් අධිකාරී මෙම පනතට යටත් වන අතර රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෘත්තීය ආයතන ඇතුළු උසස් අධ්‍යාපන ආයතන, අධිකරණ, ආදී ආයතනද මෙම පනතට යටත් කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top