ජල්ලිකට්ටු සත්ව හිංසනයක් එය පිළිගත නොහැක – ඩග්ලස් දේවානන්දා

ජල්ලිකට්ටු සත්ව හිංසනයක් එය පිළිගත නොහැකි බව ඊ.පී.ඩී.පී. පක්‍ෂයේ මහ ලේකම් හා යාපනය දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

යාපනයේ පිහිටි පක්‍ෂ කාර්‍යාලයේ අද (22) දින පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පවසා සිටියේය.

ජල්ලිකට්ටු වෙනුවෙන් පවත්වාගෙන යන අරගලය ප්‍රසංශා කරනවා, නමුත් ජල්ලිකට්ටු සත්ව හිංසාවක්, එමෙන් ජල්ලිකට්ටු ක්‍රිඩාවට මම විරුද්ධයි. දෙමළ සංස්කෘතික චාරිත්‍රයක් ලෙස පවසන සැමියා මියගිය පසු වැන්දඹු බිරිඳ විසින් තම මියගිය සැමියා ආදාහනය කරන අවස්ථාවෙදි, එම දර සෑයටම පැනල සියදිවි නසාගැනීම, කුඩා ළමුන් විවාහය වැනි කටයතු දැන් සිදුවන්නේ නැහැ, එලෙසම සත්ව හිංසාවක් වූ ජල්ලිකට්ටු ක්‍රීඩාවද අපි අත්හැරිය යුතුයි. මේ අතර, උතුරේ පවත්වන කරත්ත තරඟය ද සත්ව හිංසාවකි එයද තහනම් කළ යුතු බව ඩග්ලස් දේවානන්දා මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top