බැඳුම්කර චෝදනා ගැන සොයා බැලීමට ජනාධිපති කොමිසමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම පිලිබඳව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණ හා පරීක්ෂණ සිදුකර ඊට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිපතිවරයාට උපදෙස් ලබාදී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්, මහාධිකරණ විනිසුරුවරයෙක් හා විගණන කටයුතු පිළිබඳ විශේෂඥවරයකුගෙන් සමන්විත මෙම ත්‍රිපුද්ගල ජනාධිපති කොමිෂන් සභාව පත් කිරීම පිළිබඳ ගැසට් නිවේදනය මේ සතියේදී නිකුත් වීමට නියමිතය.

මෙම කොමිෂන් සභාවේ නිර්දේශ සහිත වාර්තාව මාස තුනකින් තුළ සම්පූර්ණ කර අවසන් කළ යුතු වනු ඇත.

එම කොමිෂන් සභාවේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන මෙන් ගරු ජනාධිපතිතුමා අදාළ සියලු අංශවලින් ඉල්ලා සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top