පහරදීමේ සිද්ධියකට සම්බන්‍ධ චීන ජාතිකයකු අත්අඩංගුවට

පහරදීමේ සිද්ධියකට සම්බන්‍ධ චීන ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි අවන්හලකදී සිදු වූ ආරවුලක් සම්බන්ධයෙන් චීන ජාතිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාළ චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විසින් සිදුකළ පහරදීමෙන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද වාර්තාවේ.

සැකකාර චීන ජාතිකයා අද (23) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top