යාපනය නාවට්කුලි ප්‍රදේශයේ සිංහල ජනතාවට නිවාස!

යාපනය නාවට්කුලි ප්‍රදේශයේ සිංහල ජනතාවට ඉඩම් ලබාදීමට පසුගිය සතියේ පැවැති සම්බන්‍ධිකාරක කමිටු රැස්වීමේ දී දැඩි විරෝධය පළ කර තිබූ නමුත්, එම විරෝධය නොතකා මෙම ජනතාවට නිවාස ඉදිකර දීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

නාවට්කුලි ප්‍රදේශයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක සිංහල පවුල් 250කට ප්‍රතිපාදන යටතේ නිවාස ඉදිකර දීම සඳහා නිවාස ඉදිකිරීම් අමාත්‍යංශය විසින් මෙම මස 30 වනදා මුල් ගල් තැබීමට නියමිත බව වාර්තාවේ. මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා මෙතෙක් නිවාස ලාභීන් 220 දෙනෙකු තෝරාගෙන ඇති බවත්, ඔවුන් සඳහා වූ බැංකු ගිණුම් ද ආරම්භ කර ඇති බව පැවැසේ.

යුද්දය නිමාවීමත් සමඟම යාපනයට පැමිණ දින කිහිපයකට පසු නාවට්කුලිය ප්‍රදේශයේ පිහිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක අනවසරයෙන් පැල්පත් දමා පදිංචිවූවන්ට මෙලෙස විරෝධයද නොතකා නිවාස ඉදිකරදීමට පියවර ගෙන තිබීම විශේෂත්වයකි.

– ග්ලෝබල් දෙමළ පුවත් –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top