එ.ජා.ප. සහ ඒකාබද්ධ විපක්‍ෂ එක්වී කටයුතු කරනවා – සම්බන්‍ධන්

එක්සත් ජාතික පක්‍ෂය ඒකාබද්ධ විපක්‍ෂ සමඟ එක්වී කටයුතු කරන බව විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි.

දූෂණවලට සම්බන්‍ධ දේශපාලකයන්ව අත්අඩංගුවට ගෙන බන්‍ධනාගාර ගත කිරීමේ කටයුත්ත එක්සත් ජාතික පක්‍ෂය වලක්වමින් සිටින බවත්, චෝදනා ලැබූ විපක්‍ෂයේ කිසිවකුට මෙතෙක් දඞුවම් ලැබී නොමැති බවද සම්බන්‍ධන් මහතා සඳහන් කර තිබේ.

වත්මන් රජයේ සිටින ඇතමුන් ද වංචා දූෂණවලට සම්බන්‍ධවී සිටින බවත්, ආණ්ඩුවේ සහ ඒකාබද්ධ විපක්‍ෂයේ ක්‍රියා කටයුතු ගැන ජනතාව අතෘප්තියට පත්වී සිටින බවද සම්බන්‍ධන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

– ග්ලෝබල් දෙමළ පුවත් –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top