වව්නියාව මාරාන්තික උපවාසයට සහාය පළ කරමින් දෙමළ දේශපාලන සිරකරුවන්ද උපවාසය අරඹයි..

රජයේ ආරක්ෂක අංශ විසින් අතුරුදහන් කරනු ලැබුවන් පිළිබද තොරතුරු හෙළි කරන ලෙසත් සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් ඉල්ලමින් වව්නියාවේදී පවත්වාගෙන යන මාරාන්තික උපවාසයට සහාය පළ කරමින් දෙමළ දේශපාලන සිරකරුවන් අද බ්‍රහස්පතින්දා දිනක සංකේත උපවාසයක් ආරම්භ කර තිබේ.

කොළඹ මැගසින් බන්‍ධනාගාරයේ සිටින සිරකරුවන් 80 දෙනෙකුද, අනුරාධපුරය බන්‍ධනාගාරයේ සිටින 18 දෙනෙකු ද, බොගම්බර බන්‍ධනාගාරයේ සිටින 19 දෙනෙකුද, යාපනය බන්‍ධනාගාරයේ සිටින 10 දෙනෙකුද ඇතුළු අනෙකුත් බන්‍ධනාගාරවල සිටින දෙමළ දේශපාලන සිරකරුවන් සියළු දෙනා මෙලෙස උපවාසයක් ආරම්භ කර ඇති බව දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපරයෙහි කැඳවුම්කරු මා. සක්තිවේල් පියතුමන් පැවැසීය.

අතුරුදන්වූවන් සහ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්ණයට වසර ගණනක් තිස්සේ කිසිඳු විසඳුමක් නොදීම හේතුවෙන් අද මාරාන්තික උපවාසයක් පැවැත්වීමේ තත්වයට රජය ඔවුන්ව පත්කර ඇති බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top