මාරාත්නික උපවාසයේ නිරතවන පිරිස ගැන සොයා බලන්න – උතුර මහ ඇමැති ජනපතිගෙන් ඉල්ලයි..

ආහාර වර්ජනය කරමින් මාරාන්තික උපවාසයක නිරතව සිටින පිරිස ආරක්‍ෂා කරන්නැයි උතුරු පළාත් මහ ඇමැති සී.වි. විග්නේෂ්වරන් මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ. ලිපියක් යොමු කරමින් මහ ඇමැතිවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

පවත්වාගෙන යන මාරාන්තික උපවාසය නවතා දැමීමට නිසි ක්‍රියාමාර්ගයක් නොගත්තේ නම්, ජීවිත රැසක් අහිමිවනු ඇති බව හෙතෙම සඳහන් කර තිබේ.

අතුරුදන්වූවන්ගේ තත්වය දැන ගැනීමේ අරමුණින් උපවාසය ආරම්භ කර ඇති බවත්, ජනාධිපති සමඟ ඡායාරූපයක පෙනී සිටින දැරියකු අතුරුදන්වීම සම්බන්‍ධයෙන් තොරතුරු හෙලිකරන ලෙස ඉල්ලා මවකු උපවාසයේ නිරතව සිටින බවත්, අවම වශයෙන් එම ඉල්ලීමට හෝ ප්‍රථමයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව පෙන්වාදී තිබෙන අතර, ත්‍රස්ත මර්ධන පනත වහාම අහෝසි කළ යුතු බවද මහ ඇමැතිවරයා ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top