පළමු එක් දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 8 කින් ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකාව ඊයේ (28) සමත්විය.

මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 48.3 කදී සියළු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 181 ක් පමණි.ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් පන්දු 94 කට මුහුණ දී ලකුණු 62 ක් රැස්කිරීම කැපී පෙනිණ.

ඊට පිළිතුරු සැපයූ දකුණු අප්‍රිකා කණ්ඩායම තම ඉලක්කය පන්දුවාර 34.2කදී කඩුලු 2 ක් පමණක් දැවී සපුරා ගැනීමට සමත්විය. නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් යළි ශ්‍රී ලංකාවට පැමිණ සිටින හෙයින් කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ උපුල් තරංග විසිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top