බරපතළ වංචා පිළිබඳ වාර්තා තුනක් ජනපතිට

බරපතළ මූල්‍ය වංචා සහ බලය අවභාවිතාව සම්බන්‍ධ වාර්තා 03ක් බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදී තිබේ.

ඉකුත් කොමිසමේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් අදාළ වාර්තා ජනාධිපතිවරයා වෙත බාරදී තිබේ. ශ්‍රී ලංකන් කේටරින් ආයතනය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ සිදුවූ බව කියන වංචා දුෂණ පිළිබඳ විමර්ශණ වාර්තාව මෙලෙස ජනාධිපතිවරයා වෙත භාරදී තිබේ.

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් මහතාගේ දුෂණ හා මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් වන අවසන් වාර්තාව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදී ඇති බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top