පොලිස් නිල ඇඳුමේ වෙනසක් ?

පොලිස් නිල ඇඳුම වෙනස් කිරීමට නියමිත බව වාර්තාවේ. මේ සම්බන්‍ධයෙන් සොයා බැලීමට සමීක්ෂණයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමෙන්තුව පවසයි.

ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා කාලීනව පොලිස් නිල ඇඳුම වෙනස් විය යුතු ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසා තිබේ.

ඒ අනුව අදාළ සමීක්ෂණයේ දී පොලිස් නිලධාරීන්ගෙන් හා සිවිල් ප්‍රජාවගෙන් මේ පිළිබඳ අදහස් විමසීමට නියමිත බවත්, එම සමීක්ෂණ වාර්තාව පෙබරවාරි මස 9 වැනිදාට පෙර සම්පූර්ණ කර ලබාදෙන ලෙස පොලිස් ස්ථානවලට දැනුම් දී ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top