අත්අඩංගුවට ගත් විජිත රෝහණට ඇප

මහජනයා නොමග යවන අයුරින් අසත්‍ය ප්‍රකාශ කළේයැයි සැකපිට අත්අඩංගුවට ගත් ජ්‍යොතිර්වේදී විජිත රෝහණ විජේමුණි ද සිල්වා මහතා රුපියල් දසලක්ෂය (රු. 1,000,000) බැගින් ශරීර ඇප දෙකක් හා රුපියල් දසදහසක (රු. 10,000) මුදල් ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණිසංහ බණ්ඩාර මහතා අද (01) නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් ඔහුව ඊයේ (31) අත්අඩංගුවට ගත් අතර එදිනම මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කළ අතර එහිදී ඇප නියම වුවත් ඇප කොන්දේසි සපිරීමට අවස්ථාවක් නොවූයෙන් ඔහු බන්ධනාගාර ගත කෙරී ඇත.

සැකකරු අද ඇප තැන්පත් කිරීමෙන් පසු මෙසේ මුදා හැර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top