සයිටම් ගැන වූ අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කළ යුතුයි – මහින්ද රාජපක්‍ෂ

මාලඹේ සයිටම් පුද්ගලික ආයතනය පිළිබඳව පසුගියදා ලබා දුන් අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කළ යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය 31වනදා ශ්‍රී මහා බෝ සමිඳුන් සහ ස්වර්ණමාලී චෛත්‍යාරාජයාණන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

“සයිටම් එක සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක කරන්න ඕනෑ. සයිටම් එක මූලිකව පටන් ගත්තේ අපේ ආණ්ඩුව කාලේ. නමුත් මුලින් අපිට කිව්වේ නැතිව වෙන දේවල් පටන් ගත්තේ. පටන් අරගෙන ටික දුරක් යන කොට කවුරුත් දැන ගත්තේ මෙහෙම එකක් කරගෙන යනවා කියලා“ යැයි මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top