අතුරුදන්වූවන් පිළිබද කාර්යාලයක් පිහිටුවීම සුබවාදී කටයුත්තක් – නෝර්වේ අගමැතිනිය

Erna Solberg_CIඅතුරුදන්වූවන් පිළිබද කාර්යාලයක් පිහිටුවීමේ පනත සම්මත වීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සුබවාදී තත්ත්වයක් ඇති කරන්නක් බව මෙරට සංචාරයක නිරත වී සිටින නොර්වේජියානු අග්‍රාමාත්‍ය අර්නා සෝල්බර්ග් මහත්මිය විසින් පවසා ඇත.

දමිළ ජාතික සන්ධාන නියෝජිතයින් සමග ඊයේ (12) පැවති සාකච්ඡාවකදී නොර්වේජියානු අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කර ඇති අතර උතුරේ ඉඩම් යළි ජනතාවට ලබාදීම සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු සාකච්ඡා කර තිබේ.

ඉදිරියටත් නෝර්වේජියානු රජය ශ්‍රී ලංකාවට සහය දක්වන බවත් ඇය මෙහිදී පවසා ඇත.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (12) දින අරලියගහ මන්දිරයේදී නෝර්වේ අග්‍රාමාත්‍යතුමිය හමුවී සාකච්ඡා කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top