විපක්ෂ නායකවරයාගේ ජාතික නිදහස් දින සුබ පැතුම් පණිවිඩය

සමානාත්මතාව හා අභිමානය මත පදනම් වූ සංහිඳියාවක් මේ රටේ සියලු ජනතාව අතර ඇති කිරීමට මෙම වසර තුළ දී මං පෙත් විවර වෙතැයි දැඩිව අපේක්ෂා කරන බව විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා ප්‍රකාශ කරයි.

69 යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා එසේ කියා සිටියි.

විපක්ෂ නායකවරයා නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.

 ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ ප්‍රතිලාභ හිමිවන පරිදි සමානාත්මතාවය හා අභිමානය මත පදනම් වූ සංහිඳියාවක් මේ රටේ සියලු ජනතාව අතර ඇති කිරීමට මෙම වසර තුළදී මං පෙත් විවර වෙනු ඇතැයි දැඩි අපේක්ෂාවක් ඇත. රටේ සියලු දෙනාගේම සුබ සිද්ධිය උදෙසා මෙය අත්‍යවශ්‍ය සාධකයකි. ප්‍රචණ්ඩකාරී ගැටුම් නිමා වී ඇතත් ගැටුම්වලට මුලික වූ හේතු පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත.

රටේ අනාගතය තීරණය වනුයේ සාධාරණ හා පිළිගත හැකි පොදු එකඟතාවකට අනුව මෙම ගැටලු විසඳීම මතය. අප රට තුළ ඉතා සුබවාදී තත්ත්වයක් ඇති කිරීම වෙනුවෙන් සැවොම එක්ව ගන්නා මෙම වෑයම සඳහා උපරිම දායකත්වය ලබාදීමට අප සියලු දෙනාම කැප විය යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top