නිදහස් දිනය දෙමළ ජනතාවට ශෝක දිනයක් – යාපනයේ විරෝධතාවක්

බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයන් ගැන තොරතුරු හෙළි කළ යුතුයි. දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි යන ඉල්ලීම් පහක් මුල් කරගෙන නිදහස දිනය වූ අද දින යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය අසල විරෝධතාවක් පවත්වා තිබේ.

බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයන් ගැන තොරතුරු හෙළි කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි, අත්පත්කළ ඉඩම් නිදහස් කළ යුතුයි, ඉඩම් පවරා ගැනීම් වහාම නවතා දැමිය යුතුයි, ජාතික ප්‍රශ්ණයට ජාත්‍යන්තර පරික්‍ෂණයක් අවශ්‍යයි. යන කරුණු පහක් මුලකරගෙන මෙම විරෝධතාවය පවත්වා ඇත.

මෙම විරෝධතාවයට උතුරු පළාත් සභාවේ එම්. කේ. සිවාජිලිංගම්, ආනන්දි සසිදරන්, සහ ක. සර්වේස්වරන් යන මන්ත්‍රීවරුන් ද සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top