අපේ ජනතාව දුක් විදින විට අපට මොන නිදහසක් ද? – උතුර මහ ඇමැති

අද 04 වනදා උතුම් කටයුත්තක් විවෘත කිරීමට පැමිණියා, දැන් කේප්පාපිලවු ප්‍රදේශයේ පීඩාවට පත්වන සිටින ජනතාව හමුවීමට යනවා, එමෙන් අප ජනතාව දුක් විදින විට අපට මොන නිදහසක්ද? මම අද දින පැවැති ජාතික නිදහස් දින උත්සවයට සහභාගි නොවීමට හේතුවන එය බව උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා පැවැසීය.

අද දින කිලිනොච්චිය පූනගරි රෝහලේ සත්ත්‍ය සායිබාබා සංවිධානය විසින් ඉදිකරන ලද පානීය ජල ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීමෙන් අනතුරුව අද දින පැවැති ජාතික නිදහස් දින උත්සවයට සහභාගි නොවීමට හේතුව කුමක්දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් මහ ඇමැතිවරයා මේ බව පවසා සිටියේය.

දරුණු යුද්දයක පසු සිය දේපළ, නිවාස, භාණ්ඩ, යාන වාහන, රැකියාව ඇතුළු සියළු දෙය අහිමිවූ උතුරේ ජනතාව නඟ සිටුවන්නේ කෙසේදැයි අර්බුදයකට මුහුණ දෙමින් සිටින උතුරු පළාත් සභාවට මෙලෙස ඩයස්පෝරා ජනතාවගේ සහ සංවිධානවලින් ලබා දෙන සහාය අගය කරන බව ද මහ ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top