මහින්ද රාජපක්‍ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ තීරණයක් නැහැ – රාජිත සේනාරත්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට රජය විසින් මේ වන විට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කරයි.

එවැනි තීරණයක් ගෙන ඇති බවට පැතිරෙමින් තිබෙන ප්‍රචාර අසත්‍ය බව ද ඒ මහතා සදහන් කරන ලදී.මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක් වු මන්ත්‍රිවරයා , අධිකරණය ස්වාධීනව කටයුතු කරන බවත්, ඊට බලපෑම් එල්ල කිරීමට රජයට වුවමනාවක් නොමැති බව ද අවධාරණය කරන ලදී.

කෙසේ වෙතත් යහපාලනය නිසියාකාරව සිදු කිරීම තම සියලු දෙනාගේ වගකීම වන බව සදහන් කර සිටි අමාත්‍යවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පවතින නීතිමය කටයුතු නිසියාකාරව සිදු නොකරන නිලධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද සදහන් කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top