පොලිස් නිළධාරින් දෙදෙනෙකුට ප්‍රහාරයක්

අනුරාධපුර, ලූණුවැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිළධාරින් දෙදෙනෙකුට ඊයේ දින රාත්‍රි පහරදීමක් සිදුකර ඇති බව වාර්තාවේ.

අදාළ නිළධාරින් දෙදෙනා වැලි ජාවාරමට යොදාගත් ටැක්ටර් රථ දෙකක් සිය භාරයට ගෙන පොලිසිය වෙත රැගෙන යමින් සිටියදී පුද්ගලයකු විසින් ඔවුන්ට පහරදී ඇති බව වාර්තාවේ. සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිළධාරියා රෝහල් ගත කර තිබෙන අතර, සිද්ධිය සම්බන්‍ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top