තමිල්නාඩු මහ ඇමැති ඉල්ලා අස්වෙයි – තනතුර ශෂිකලාට

තමිල්නාඩුවේ පාලක ඒ.අයි.ඒ.ඩී.එම්. පක්ෂයේ නව නායිකාව ලෙස වී.කේ. ශෂිකලා පත්වීම් ලැබ ඇත. ඒ අනුව ඉදිරියේදී තමිල්නාඩු මහ අමාත්‍ය ධුරයද ඇයට හිමිවනු ඇති බව ඒ.අයි.ඒ.ඩී.එම්. පක්ෂ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

මෙතෙක් ඒ.අයි.ඒ.ඩී.එම්. පක්ෂයේ නායකත්වය දැරෑ තමිල්නාඩු මහ අමාත්‍ය පාහීර් සෙල්වම් මහතා ඊයේ (05) දින එම ධුරයෙන් ඉවත්ව ඇත. පක්ෂයේ ඉදිරිපෙළ නායකයන් විසින් කැඳවන ලද විශේෂ රැස්වීමකදී මෙම තනතුරු වෙනස සිදුකර ඇත.

පක්ෂයේ නායකත්වය භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශෂිකලා ප්‍රකාශ කර ඇත්තේ හිටපු නායිකා ජයලලිතා ජයරාම්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට තමා කටයුතු කරන බවයි.

ඉදිරි සතිය තුළ ශෂිකලා තම නව ධුරයේ දිවුරුම් දීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top