චන්ද්‍රිකා කිලිනොච්චියේ සංචාරයක

2016-08-13-01ඊයේ (12) දින කිලිනොච්චියට පැමිණි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කිලිනොච්චිය පූනගරි ප්‍රදේශයේ ඥානම් අරමුදල විසින් ඉදිකරන ලද වැසි ජල එක්රැස් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළාය.

එහිදී අදහස් ප්‍රකාශ කළ චන්ද්‍රිකා කුමරතුංග මහත්මිය, වත්මන් රජය ප්‍රධාන වැඩ කටයුතු දෙකක් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, එය ජනතාවගේ සංවර්ධනය සහ අතුරුදහන්වූවන් සෙවීමේ කටයුත්ත බව පැවැසීය.

යුද්දය පැවැති කාලයේ එල්.ටි.ටි.ඊ. සංවිධානය විසින් අතුරුදහන්වූවන් සහ හමුදාව, ආරක්‍ෂක අංශය වෙත ගොස් අතුරුදහන්වූවන් ගැන ඔවුන්ගේ ඥාතීන් සොයමින් සිටියි. මෙලෙස අතුරුදහන් කිරීමට සම්බන්‍ධ පුද්ගලයන් සම්බන්‍ධයෙන් නීතිමය පියවරක් ගන්නා බව ඇය එහිදී පවසා සිටියාය.

එම අවස්ථාවට ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය, ඉන්දිය නියෝජ්‍ය මහකොමසාරිස් නඩරාජන්, පළාත් සභා මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top