මල් යළි ත් රක්ෂිත බන්ධනාගාරයට

රජයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී විමල් වීරවංස ලබන 20 වැනි දින දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කර තිබේ.

අද (07) දින කොටුව මහේස්ත්‍රාත්වරිය වෙත  වීරවංස මන්ත්‍රීවරයාට අමතරව පසුගිය නඩුවාරයේදී උසාවියට අපහාස වන අයුරින් කෑ ගැසූ පුද්ගලයාද ඉදිරිපත් කරනු ලැබූ අතර ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙසට කොම්පඤ්ඤ වීදිය පොලීසියට නියෝග කර තිබේ.

නඩුවේ දෙවන සැකකරු වන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හිටපු නියෝජ්‍ය සාමාණාධිකාරී සමන්ත ලොකුහැන්නදිගේ මහතා ද ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, ඔහු සම්බන්ධයෙන් වන ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව එදිනට නිකුත් කරන බව ද මහේස්ත්‍රෙත්වරිය සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top