රන්ජන් රාමනායකට මරණ තර්ජන

තමන්ට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. ඊයේ (7) දින මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

නීතිවිරෝධීව පස්‌ ජාවාරමෙහි යෙදී සිටින අැතැම් පිරිස් විසින් මේ අාකාරයෙන් තමන්ට මරණීය තර්ජන එල්ල කරමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් ආරක්‌ෂක අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් පවසා තිබේ.

කෙසේ වෙතත් නීතිවිරෝධී ජාවාරම් කරන පුද්ගලයින්ට එරෙහිව තමා ක්‍රියාත්මක කරන සටන දිගටම කරගෙන යන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top