කේප්පාපිලවු ජනතාවගේ නියෝජිතයන් හෙට දින අග්‍රමාත්‍යවරයා හමුවෙයි..

යුද හමුදාව සහ ගුවන් හමුදාව විසින් අත්පත්කරගෙන සිටින තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා කේප්පාපිලවු ජනතාව පවත්වාගෙන යන සත්‍යග්‍රහයට අදට දින නවයක් අවසන්වී තිබේ.

මෙවැනි තත්වයකදී හෙට දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා හමුවක් පැවැත්වීමට නියමිත බව පැවැසේ. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සෙල්වාම් අඩයිකලනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත එම සාකච්ඡා හමුවට සහභාගිවීම සඳහා විරෝධතාවයෙහි නිරතවන පස් දෙනෙකු ද කොළඹ පැමිණීමට නියමිත බව වාර්තාවේ.

කෙසේ නමුත් මෙම ප්‍රශ්ණයට නිසි විසඳුමක් ලැබෙන තෙක් සත්‍යග්‍රහය දිගටම පවත්වාගෙන යන බව කේප්පාපිලවු – පිලක්කුඩිඉරුප්පු ජනතාව පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top