ඉරණතිව් කඳවුර වසා දැමීමට නොහැක – අගමැති

ඉරණතිව් නාවික හමුදා කඳවුර වසා දැමීමේ හැකියාවක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  පාර්ලිමෙන්තුවේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා විසින් විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

නාවික හමුදාවට නීතිවිරෝධී ලෙස දකුණු ඉන්දීයාවෙන් එන ධීවරයන් පාලනය කරන්න හා මුහුදේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සඳහා මෙම දූපත වැදගත් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී තිබේ.

කෙසේ නමුත් ධීවර ජනතාවට හා අනෙක් සිවිල් වැසියන්ට ධීවර කර්මාන්තය කිසිදු බාධාවකින් තොරව සිදු කිරීමට සහ එම දූපතේ පිහිටා තිබෙන ක්‍රිස්තියානි දේවස්ථානයක් වන සෙබාමාලේ මාතා දේවස්ථානයේ දේව මෙහෙයන් සිදු කිරීමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථා නාවික හමුදාවෙන් සලසා දී ඇති බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top