ඒකාබද්ධ විපක්ෂයට ජනපතිගෙන් ඇරයුමක්

Maithripala-Sirisenaඅතුරුදන්වුවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට කිසියම් පාර්ශ්වයක් විරුද්ධ වන්නේ නම් එවැනි ඕනෑම අයෙකුට තමන් සමග ඒ පිළිබද සාකච්ඡා කළ හැකි බව. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ පනතට විරෝධය පළ කරන පිරිස් කිසිඳු අරමුණකින් තොරව එය සිදුකරන බවයි. රූපවාහිනී නාළිකාවක් සමග ඊයේ (13) රාති‍්‍රයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.

අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය හරහා රණවිරු දඩයමක් සිදුවන බවට ඇතමුන් කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු දැක්වුවා. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ පසුගිය කාලයේ අතුරුදන්වීම් රාශියක් සිදු වූවා මෙන්ම 88-89 කාලයේ අතුරුදන් වූවන් පිළිබඳවත් මින් සොයා බැලෙන බවයි. හුදෙක් එක් පාර්ශ්වයක් ඉලක්ක කර මෙය ක්‍රියාත්මක නොවෙන බවත් සඳහන් කළා.

ඉකුත් දා මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් අතර එහිදී ඒකාබද්ධ විපක්ෂය කලු පටි පැළඳ සභා ගර්භය තුළ විරෝධයක්ද පළ කළා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top