අගමැතිවරයා අද ඔස්ට්‍රෙලියාවට

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සඳහා අද (13) දිවයිනෙන් පිටව ගොස් අැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති අතර වික්‍රමසිංහ මහතා ලබන 17 වන දින දක්වා එහි රැඳී සිටීන බවත් දෙරට අතර නව ආයෝජන අවස්ථා සම්බන්ධයෙන්ද එරට නියෝජිතයින් සමග සාකච්ජා කිරීමටද නියමිතව ඇති බවත් සදහන්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top