අතුරුදන්වූවන් සොයන පනත අගය කළ යුතුයි – ග්ලෝබල් ටැමිල් ෆෝරම්

global tamil forumඅතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරිමට අදාළ පනත අගය කළ යුතු බව ගෝලීය දෙමළ සංසදය පවසයි.

අපරාධ ක්‍රියාවලට වගවීම, සංහිඳියාව ඇති කිරීම, නීතිය හා සාමය ස්ථාපිත කිරීම සම්බන්‍ධයෙන් වූ පළමු වැඩපිළිවල ලෙස මෙය හැඳින්විය හැකි බව පවසා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් යුතු රජය ගෙන ඇති වැදගත්ම කටයුත්තක් ලෙස දැකිය හැකි බවත්, මෙම පනත ක්‍රියාත්මක කිරිම තුලින් අතුරුදහන්වූ දහස් ගණනක පුද්ගලයන්ගේ ඥාතීන්ට යහපතක් ලැබිය හැකි යැයි පවසා තිබේ.

මෙම පනතට එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදී තිබීම අගය කළ යුතු බව ද පෙන්වාදී තිබේ.

කෙසේ නමුත් එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවේ ශ්‍රී ලංකා රජය ලබාදුන් පොරොන්දුව ඉටු කිරීමට මෙතෙක් දැඩි වැඩපිළිවලක් ගෙන නැතැයි චෝදනා කර තිබේ.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරිමට අදාළ පනත සම්මත කළ අයුරින් අනෙකුත් සංහිඳියා කටයුතු ක්‍රියාත්මක කළ යුතු යැයි ගෝලීය දෙමළ සංසඳය ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top