එ.ජා. සංවිධානයේ සහ යුරෝපිය සංගමයේ නියෝජිතයන් සහ උතුර මහ ඇමැති අතර හමුවක්..

එක්සත් ජාතින් සංවිධානයේ සහ යුරෝපිය සංගමයේ නියෝජිතයන් පිරිසක් මෙම සතියේදී උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.

යුරෝපිය සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ තානාපති Tung-Laï Margue මහතා ලබන 15 වනදා උතුරේ සංචාරය කිරීමට නියමිතය. ඔහු සමඟ එක්සත් ජාතින් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත Una McCauley මහතා ද එක්වීමට නියමිත බව පැවැසේ.

එම නියෝජිතයන් වව්නියාව දිස්ත්‍රික්කයේ එක්සත් ජාතින් කළමණාකරන ආයතන විසින් සිදුකළ සංවර්ධන කටයුතු ගැන සොයා බැලීමට නියමිත අතර කිලිනොච්චිය, මුල්ලතිව්, සහ නෙලුක්කුලම් ඇතුළු ප්‍රදේශවල සංචාරය කිරීමට ද තීරණය කර ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top