පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයකු රෝහල් ගත කිරීමෙන් පසු මිය යයි..

ගාල්ල නාගොඩ පොලීසියෙන් අත්අඩංගුවට ගත් ගාමිණි ප්‍රියශාන්ත නැමති 37 හැවිරිදි පුද්ගලයෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට අතුළත් කිරිමෙන් පසු මිය ගොස් තිබේ.

පොලිස් පහරදීම හේතුවෙන් ඔහු මිය ගිය බවට ප්‍රියශාන්තගේ ඥාතීහු චෝදනා කරති. වරෙන්තුවක් ඇති බව කියමින් සිවිල් ඇඳුමෙන් සැරසුනු දෙදෙනකු කහදුවේ ප‍්‍රියශාන්ත නැමති අයට පහර දෙමින් රැගෙන ගිය බව ඇල්පිටිය කහදූව ප්‍රදේශවාසීහු පවසති.‍

බීමත් නඩුවක් සම්බන්ධයෙන් උසාවිය මග හැරූ වරෙන්තුවකට ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිස් පහරදීමක් නිසා මේ මරණය සිදුවූයැයි කියන චෝදනාව ප‍්‍රතික්ෂේප කරන බවත් නාගොඩ පොලිස් ස්ථානාධිපති සුමේධ විමල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු සිරෝසීස් රෝගයෙන් පෙලෙන අයෙක් බවට පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බවද ඒ මහතා සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top