හමුදා සේවය හැරගිය සෙබළුන් 1300ක් අත්අඩංගුවට

නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනිම සඳහා දිවයින පුරා සිදු කළ මෙහෙයුම් වලදී 1300 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.

දෙසැම්බර් 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තම්නේතුව ඒකාබද්ධව දිවයින පුරා සිදුකළ නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමෙන් ඊයේ දින (13) වනවිට ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1300 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව හෙතෙම පවසා තිබේ.

හමුදා සාමාජිකයන් 984 දෙනෙක් ද නාවික හමුදා සාමාජිකයන් 236 දෙනෙක් ද ගුවන් හමුදා සාමාජිකයන් 14 දෙනෙක් ද මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 42800ක් පමණ පිරිසක් මේ වනවිට නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top