රතන හිමි දැක්වූ අදහස ගම්මන්පිල අගය කරයි..

Udaya Gammanpila JHU 3_CIවත්මන් ආණ්ඩුව විසින් පසුගිය දා සම්මත කරගන්නා ලද අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත පිළිබද අප්‍රසාදය පළ කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් අදහස් පළ කිරීම තමන් අගය කරන බව පිවිතුරු හෙළ උරුම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවධාරණය කර සිටියි.

උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ඉතා ප‍්‍රගතිශීව රතන හිමියන් විසින් ආණ්ඩුව ගැන කණස්සල්ල පළ කිරීම අගය කරන බවත් මෙම පනත ත‍්‍රියාත්මක කලහොත් සිදුවන්නේ අතීතය ඇවිස්සීම නිසා ජාතික සංහිඳියාව බිඳී ගොස් ජාතීන් අතර අසහනයක් ඇති වීම මිස අන් කිසිවක් නොවන බවයි.

වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල කෙරෙහි ජනතාව අවිශ්වාසයකින් පෙළෙන බවටත් අදාළ පනත තුළින් මෙරට රණවිරුවන්ට සිදුවිය හැකි අහිතකර බගලපෑම සම්බන්ධයෙනුත් පූජ්‍ය අතුරුලියේ රතන හිමි ප්‍රගතිශීලි අයුරින් අදහස් දැක්වීම සම්බන්ධයෙන් තම ප්‍රසාදය පළ කරන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top