රජයේ ක්‍රියා කටයුතුවල ප්‍රගතියක් නැහැ – විග්නේෂ්වරන්

අතුරුදන්වූවන්ගේ කාර්‍යාලය පිහිටුවීමට පියවර ගත් නමුත්, එය මෙතෙක් ක්‍රියාත්මක කර නැහැ, මෙලෙස දේශපාලන වශයෙන් කටයුතු රැසක් ක්‍රියාත්මක කළ නමුත් එයින් ප්‍රගතියක් දැකින්ට නොහැකි බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා යුරෝපා සංගමයේ නියෝජිතයන් වෙත පවසා තිබේ.

උතුරේ සංචාරයක නිරතව සිටින යුරෝපා සංගමයේ නියෝජිතයන් අද (15) දින පෙරවරුවේ උතුරු පළාත් මහ ඇමැතිවරයා හමුවී සාකච්ඡා කර තිබේ. ඉකුත් සාකච්ඡා හමුව පිළිබඳව මාධ්‍ය අදහස් ප්‍රකාශ කළ මහ ඇමැතිවරයා මේ බව පවසා සිටියේය.

සහජීවනය සම්බන්‍ධයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති නමුත්, එයින් උතුරේ ජනතාවට ඇතිවී තිබෙන යහපත කුමක්දැයි සොයා බැලිය යුතුයි. අතුරුදන්වූවන් පිළිබඳ කාර්‍යාලයක් පිහිටුවීම සම්බන්‍ධයෙන් කටයුතු රැසක් සිදුකළ නමුත්, එවා මෙතෙක් ක්‍රියාත්මක කර නැහැ, දේශපාලන වශයෙන් කටයුතු රැසක් ක්‍රියාත්මක කර ඇති නමුත් එයින් කිසිඳු ප්‍රගතියක් දැකින්නට නොහැකිවී තිබේ.

පසුගිය වසර 69ක කාලයක් විසඳුමක් නැතිව පවතින ප්‍රශ්ණවලට තවඳුරටත් විසඳුමක් නොලැබුණේ නම් ජනතාව වේදනාවටත් පත්වන අතර, ප්‍රශ්ණද වැඩිවිය හැක. තවද මධ්‍යම රජයේ වැඩ කටයුතු අපත් සමඟ එක්වී ක්‍රියාත්මක කළ යුතු බව පවසා සිටියෙමි.

මේ සම්බන්‍ධයෙන් ඔවුන් අවධානය යොමු කළ අතර, උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් වැඩසටහන් දියත් කිරීමේදී තමන්ට සහාය ලබා දෙන්නැයි ඉල්ලා සිටියෝය, එයට පූර්ණ සහාය ලබා දෙන බවට පොරොන්දුවූ බව මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top