ඉන්දීය විදේශ ලේකම් දෙ.ජා.ස. හමුවෙයි..

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් සුබ්‍රමනියම් ජයශංකර් මහතාව, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් ඊයේ (21) දින හමුවී සාකච්ඡා කර තිබේ.

කොළඹ පිහිටි ඉන්දිය මහ කොමසාරිස් කාර්‍යාලයේ පැවැති එම හමුවේදී යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වැඩි අවධානයක් යොමු වූ බව පැවැසේ. දේශපාලන ප්‍රශ්ණයට ස්ථීර විසඳුමක් ලබාදිය යුතුයි සම්බන්‍ධයෙන් ඉන්දියාව ස්ථීරව සිටින බව ජෙයිසංකර් මහතා පවසා තිබේ.

මෙම සාකච්ඡා හමුවේදී උතුර නගෙනහිර පළාත්වල හමුදාව සතුව තිබෙන ඉඩම් නිදහස් කිරීමේ ඇති ප්‍රමාදය, අතුරුදන්වූවන් සහ දේශපාලන සිරකරුවන්ගේ නිදහස ගැන සාකච්ඡා කළ බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top