“යුද්ධය ඇති වූයේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරු සොයන්න “

ඕනෑම යුද්ධයක් අවසානයේ එම යුද්ධය ඇති වූයේ ඇයි ද යන ප්‍රශ්නය ඉතිරි වන බව දකුණු අප්‍රිකාවේ මයිකල් ලැප්ස්ලි පියතුමෝ  (21) කොළඹ දී පැවසූහ. එම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට අපොහොසත් වුවහොත් යළි යළිත් යුද්ධ ඇති වන බව ද මයිකල් ලැප්ස්ලි පියතුමෝ කීහ.

මයිකල් ලැප්ස්ලි පියතුමෝ මෙම කරුණු කීවේ කොළඹ ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ පැවැති හමුවකට එක්වෙමින් මයිකල් ලැප්ස්ලි පියතුමෝ එම කරුණු ප්‍රකාශ කළහ.

මයිකල් ලැප්ස්ලි පියතුමෝ යනු දකුණු අප්‍රිකානු වාර්ගික අරගලයේදී කළු ජාතික ජනතාව වෙනුවෙන් පෙනි සිටියෙකි. එම නිසාම පියතුමෝ පාර්සල් බෝම්බ ප්‍රහාරයකට ලක් වූ අතර එම ප්‍රහාරයෙන් දෑත් අහිමි විය.

ඉන් අනතුරුව මයිකල් ලැප්ස්ලි පියතුමෝ මානවවාදියකු ලෙස කටයුතු කරමින් සාමය, සුවවීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කරමින් ලොව පුරා සංචාරය කරති.

වෛරය පිරී තිබෙන්නේ නම් කිසිම අවස්ථාවකදී යහපත් සමාජයක් ගොඩනැගිය නොහැකි බව පෙන්වා දුන් මයිකල් ලැප්ස්ලි පියතුමෝ සෑම පුද්ගලයකුම තුළම ආදරය, කරුණාව මෙන්ම තරහා, වෛරය, කෝපය තිබෙන කීවේය. එම නිසා ආදරය සහ කරුණාව ඉස්මතු කරගැනීමට අප සියලු දෙනා කටයුතු කළ යුතු බවත් මයිකල් ලැප්ස්ලි පියතුමෝ එහිදි කීහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top