යාපනය දිස්ත්‍රික්ක කාර්‍යාලයට ඉඩම් නිදහස් කිරීම පිළිබඳ සන්දේශයක් භාර දෙයි..

හමුදාව විසින් උතුරේ ජනතාවට ඇති වී තිබෙන බලපෑම් ඉවත් කර ගැනීම සහ ඔවුන්ගේ සාධාරණීය ඉල්ලීම්වලට විසඳුම් ලබාදිය යුතු බව ඇතුලත් සන්දේශයක් අද දින යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේදී අතිරේක ලේකම් සුකුනවති මහත්මිය වෙත භාරදී තිබේ.

උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් අරගලයට සහාය ලබාදීමේ අයුරින් මෙරට විවිද ප්‍රදේශවලින් ජාති, ආගම් භේදයකින් තොරව යාපනයේ අද දින සංවිධාන රැසක් එක්වී විරෝධතාවක් පැවැත්වූ අතර, ඉන් අනතුරුව දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයට ගොස් අදාළ සන්දේශය භාරදී තිබේ.

තවද අවතැන් කඳවුරුවල ජීවත්වන ජනතාවගේ යටිතල පහසුකම් සපයා දීමට ද පියවර ගන්නා ලෙස එහිදී ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top