දේශපාලකයන්ව නොව, ජනතාව විශ්වාසය කර දරුවන් වෙනුවෙන් අරගලය කරනවා..

අපි තවඳුරටත් දේශපාලකයන්ව විශ්වාසය කිරීමට සූදානම් නැහැ, අපගේ ජනතාව මත විශ්වාසය තබා මෙම අරගලය ආරම්භ කළෙමු යැයි කිලිනොච්චිය අතුරුදන්වූවන්ගේ සංගමයේ නියෝජිත අනන්ද නඩරාජා ලීලාදේවි පවසයි.

අද බ්‍රහස්පතින්දා දින අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පවත්වාගෙන යන අරගලයට සහාය පළ කිරීමේ අයුරින් කිලිනොච්චිය වෙළඳසැල් ව්‍යාපාරිකයන් පාගමනින් ගොස් සහභාගිවූ අතර, එහිදී පැමිණ සිටි ව්‍යාපාරිකයන් සහ ජනතාවට සිය ස්තූතිය පළ කරමින් ඇය මේ බව පවසා සිටියාය.

අතුරුදන්වූ අප දරුවන්ට සහ ඥාතීන්ට යහපත් විසඳුමක් ලැබිය යුතුයි. කඩිනමින් එම විසඳුම ලබාදිය යුතු අතර, ශ්‍රී ලංකා රජයට වගවීම සම්බන්‍ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කල් දිගුවක් ලබා නොදිය යුතු බව අවධාරණය මෙම අඛණ්ඩ අරගලය පවත්වාගෙන යන්නෙමු. අපගේ මෙම අරගලයට දේශපාලකයන්ව විශ්වාස කරන්නේ නැහැ, ඔවුන්ට කැමැති නම් සහභාගි විය හැක එය ඔවුන්ගේ කැමැත්ත, නමුත් අපි අපගේ දරුවන් සඳහා වූ මෙම අරගලයට ජනතාවගේ සහ අනෙකුත් සිවිල් සංවිධානවල සහාය බලාපොරොත්තුවන්නෙමු.

මෙම අරගලයට කඩිනමින් විසඳුමක් නොලැබුණේ නම් අපගේ අරගලයේ ස්වරූපය වෙනස්විය හැකි බවද ඇය වැඩිදුරටත් පවසා සිටියාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top