නීතිඥ සංගමයේ නිලවරණය මාර්තු 15 වැනිදාට..

නීතිඥ සංගමයේ නිලවරණය ලබන මාර්තු මස 15 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ. කල්දමා තිබූ නිලවරණය පැවැත්වීම සම්බන්‍ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද දින නීතිඥ සංගම් මූලස්ථානයේදී නීතිඥ සංගමයේ විධායක කමිටුව රැස්වූ අතර එහිදී මෙම තීරණයට එළඹ තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පසුගිය 21 වනදා පැවැත්වීමට නියමිත තිබූ නමුත් එය දින නියමයක් නොමැතිව කල් දමා තිබුණි. විනිසුරුවරුන්ගේ සංගමය නිලවරණයට සහයෝගය ලබා නොදීම හේතුවෙන් එලෙස කල් දැමීමට සිඳුවූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top