සයිටම් විධායක අධ්‍යක්‍ෂවරයාට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් සහගතව සිදුකළ ව්‍යාජ ප්‍රහාරයක්

මාලඹේ සයිටම් ආයතයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න නැමැත්තා ඉලක්ක කර පසුගිය දිනෙක ඔහුගේ මොටර් රථයට එල්ල කළ වෙඩි ප්‍රහාරය සැළසුම් සහගතව සිදුකළ ව්‍යාජ ප්‍රහාරයක් බව මේ වනවිට හෙළිව තිබේ.

සිද්ධියට සම්බන්ධ ඇඹිලිපිටිය ප්‍රදේශයේ සැකකරුවකු බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක්, රිවෝල්වරයක්, උණ්ඩ පහක් සහ සිද්ධියට භාවිතා කළ යතුරුපැදියක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.

මෙම ව්‍යාජ වෙඩි තැබීම සැළසුම්කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු හා රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති අතර අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වෛද්‍යවරයකු යැයි කියා ගන්නා සමීර සේනාරත්න සමග සමීප සබඳතා පවත්වා ඇති බව පොලිසිය ආනාවරණය කර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (27) සමීර සේනාරත්නගෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ප්‍රශ්න කර තිබේ. සයිටම් ආයතනයට එරෙහිව මතුව ඇති විරෝධය යටපත් කර ගැනීමටත් සයිටම් විරෝධී පිරිස් මර්ධනය කිරීමටත් මෙම වෙඩි ප්‍රහාරය සැලසුම් සහගතව සිදු කරන්නට ඇතැයි සැක සිතෙන බව සයිටම් විරෝධී සියලු කණ්ඩායම් දිගින් දිගටම අවධාරණය කළේය.

lankatruth

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top