ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු තනතුරට අසංක ගුරුසිංහ පත්කරයි..

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් කළමණාකරු ලෙස හිටපු පිතිකරු අසංක ගුරුසිංහ පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

1996 ලෝක කුසලාන ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අංක 3 පිතිකරුවා වූ අසංක ගුරුසිංහ වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවකු වශයෙන් සේවය කරයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ශූරතාවලියේ කළමනාකරු වශයෙන් ක්‍රියාකිරීම පිණිස ඔහු ළඟදීම ශ්‍රී ලංකාව බලා පැමිණෙනු ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top