කළුතර බන්ධනාගාර බස්රථ ප්‍රහාරයේ සැකකරුවන් හඳුනාගනී

පුද්ගලයින් හත් දෙනෙකු ඝාතනය කරමින් පසුගියාදා බන්ධනාගාර බස්රථ දෙකකට එල්ල කළ ප්‍රහාරය සැළසුම් කළ ප්‍රධානීන් මේ වනවිට හඳුනාගැනීමට පොලිසිය සමත්ව සිටින බවත් ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

කළුතරදී එල්ල කළ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මෙතෙක් සිදු කළ විමර්ශනවලදී සැකකරුවන් හඳුනා ගැනීමට සමත් වූ බව පැවසේ.

සැකකරුවන් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් විදෙස් ගතවීමේ සැළසුමක් ඇති බැවින් කටුනායක හා මත්තල ගුවන්තොටුපළ වෙත සැකකරුවන් පිළිබඳ තොරතුරු ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top