නිදහස් පක්ෂයේ සාකච්ඡා දෙකක් අද

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ සහ සමස්ත ලංකා කාරක සභාවේ විශේෂ රැස්වීම් දෙකක් අද පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

විධායක සභා රැස්වීමට සහ සමස්ත ලංකා කාරක සභා රැස්වීමට, ඒවා නියෝජනය කරන සියලූ සාමාජිකයින්ට ආරාධනා කර ඇති බවයි අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න සදහන් කළේ.

මෙම රැස්වීම් දෙකම පක්ෂයේ ඉදිරි ගමන්මග සදහා වඩාත් තීරණාත්මක වනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කළා.

මෙම රැස්වීම් දෙක සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සාමාජිකයින්ට ද ආරාධනා කර තිබෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top