කොළඹ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකිරීමට නියමිත හෘද රෝග ඒකකය සහිත අංග සම්පූර්ණ දැඩිසත්කාර ඒකකයේ ඉදිකිරීම් විශේෂ ව්‍යාපෘතියක් සේ සළකා කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ.

මෙම ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් හා කාර්යක්ෂම කර ගැනීමට ගතයුතු පියවර පිළිබඳව පසුගිය දා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දී තිබේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකිරීමට නියමිත හෘද රෝග ඒකකය සහිත අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකය මහල් දහයකින් සමන්විතය.

ඉන් මහල් 04 ක් හෘද රෝග සම්බන්ධවත්,මහල් 03 ක් දැඩි සත්කාර ඒකකයටත්, තවත් මහල් දෙකක් නව ජන්ම දැඩි සත්කාර ඒකකයටත් වෙන් කෙරෙන අතර ඉහළ මහල කාර්ය මණ්ඩල සඳහා පුහුණ වැඩමුළුපැවැත්වීමට වෙන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top