සියළු දෙනාටම බැණ වැදුණ පොලිස් නිළධාරියා!

උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්, අතුරුදන්වූවන්ගේ ඥාතීන් සහ මාධ්‍යවේදීන්ට යාපනය දිස්ත්‍රික්ක ශ්‍රේෂ්ඨ පොලිස් අධ්‍යක්‍ෂවරයා නින්දිත සහ පහත් ආකාරයට බැණ වැදුණු පුවතක්‌ ඊයේ වාර්තාවිය.

යාපනයේ සංචාරයක නිරතවූ ජනාධිපතිගේ අවධානයට යොමු කිරීමේ අයුරින් ඊයේ දින යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබුණි. එහිදී ජනාධිපතිවරයා විරෝධතාව පැවැති ස්ථානයෙන් ගමන් නොකර වෙනත් මාර්ගයකින් ගමන් කිරීමෙන් අනතුරුව විරෝධතාකරුවන් යාපනය – නුවර මාර්ගය අවහිර කර විරෝධතාවයක නිරතවූහ.

එවිට එම ස්ථානයට පැමිණි යාපනය දිස්ත්‍රික්ක ශ්‍රේෂ්ඨ පොලිස් අධ්‍යක්‍ෂක කස්රන් ස්රනිස්ලස්, පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්ව බලා, ‘නැඟිටිලා පලයන් බල්ලා‘ යැයි බැණ වැදී තිබේ. තවද විරෝධතාවයේ නිරතවූ අතුරුදන්වුවන්ගේ ඥාතීන්ව බලා ‘මී හරකෙක් වගේ කතා කරන්නේ, ඉගෙන ගෙන නැද්ද? මොළේ නැද්ද? යැයි බැණ වැදී තිබේ. එහිදී එහි සිටි මාධ්‍යවේදියකු වයසක අයට ඇයි මෙහෙම කතා කරන්නේ යැයි විමසූ විට ‘උඹ කව්ද?‘ යැයි පොලිස් අධ්‍යක්‍ෂකවරයා විමසා තිබේ. ඔහු සිය මාධ්‍ය හැඳුනුම්පත පෙන්වූ පසු ඔහුට ද ඉංග්‍රීසියේ ඉතා නින්දිත ආකාරයෙන් බැණ වැදී තිබේ.

ඉකුත් පොලිස් නිළධාරිවරයාගේ පහත් හැසිරීමෙන් එහි රැස්ව සිටි පිරිස දැඩි කෝපයට පත්වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top