කේප්පාපිලවු විරෝධතාව සත්‍යග්‍රහයක් බවට වෙනස් වෙයි..

මුල්ලතිව් කේප්පාපිලවු ප්‍රදේශයේ පවුල් 150කට අධික ජනතාවට අයත් සිය පාරම්පරික ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා පසුගිය 1 වැනිදා ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරයේදී, ඊයේ දින පටන් දෙදෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

කේප්පාපිලවු ප්‍රදේශයේ පිහිටා ඇති මුල්ලතිව් හමුදා මූලස්ථානයේ පිවිසුම් දොරටුව අසල මෙම විරෝධතාව පැවැත්වේ. කේප්පාපිලවු පාරම්පරික ප්‍රදේශය සම්පූර්ණයෙන් හමුදාව විසින් අත්පත් කරගැනීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ ජනතාව සූරිපුරම් නැමැති ගම්මානයේ පදිංචි කරන ලදී.

කෙසේ නමුත්, ඉකුත් නිවාස ව්‍යාපෘතියේ අඩුපාඩු රැසක් පවතින බවත්, තමන්ව තම ඉඩම්වලම නැවැත පදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා එම ජනතාව විරෝධතාවක නිරතව සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top