ගංජා ප්‍රවාහනය කල සැකකරු අත්අඩංගුවට

යතුරු පැදියකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පුනරීන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ලද තොරතුරක් මත මොහු අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ය.

සැකකරු සතුව තිබී හමුවු ගංජා ප්‍රමාණය කිලෝ 14.14 කි. අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි නාගපඩුවාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top