මධ්‍යම පළාත් විපක්ෂ නායිකා අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි, මධ්‍යම පළාත් විපක්ෂ නායිකා රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

1945 වසරේ උපත ලද රේණුකා හේරත් මහත්මිය මිය යන විට 72 වන වියේ පසුවූවා ය. ඇය වසර 40කට අධික කාලයක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ කාන්තා නායිකාවකි.

මේ අතර දේහය මහජන ගෞරවය සඳහා අද (13) පෙරවරුවේ සිට වලපනේ පිහිටි ඇය නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා දිනයේ වලපනේ නිල්දණ්ඩාහින්න පොදු ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top