අද සහ හෙට හෙද නිලධාරීන් වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (13) පෙරවරුවේ සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට අයත් හෙද නිලධාරීන් තීරණය කර තිබේ.

වැටුප් විෂමතා ඉවත් කිරීම, අතිකාල අතුරු දීමනා ලබා දීම, වාර්ෂික නිල අැදුම් දීමනාව ලබා දීම අැතුළු සේවා ඉල්ලීම් කිහිපයක්‌ මුල්කරගනිමින් අද (13) සහ හෙට (14) යන දිනයන්හිදී ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ‍රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය පවසා සිටියි.

අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සහය නොදැක්වීමට තවත් හෙද වෘත්තීය සමිති දෙකක් වන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය තීරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top