එ.ජා. යෝජනා සියල්ල ක්‍රියාත්මක කළ යුතුයි – දෙ.ජා.ස.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියළුම යෝජනා ක්‍රියාත්මක කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය අවධාරණය කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී 2015 ඔක්තෝබර් මස පළමු වෙනිදා ඉදිරිපත්වූ සියළුම යෝජනා එකම ඡේදයක් හෝ වෙනස් නොකොට ඒ ආකරයෙන්ම රජය ක්‍රියාත්මක කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය ඉල්ලා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනා පිළිබඳව දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයක මේ බව පවසා තිබේ.

අදාළ යෝජනා ක්‍රියාත්මක වීම සහතික කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවිය යුතු යැයි දෙමළ ජාතික සන්ධානය අවධාරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top