අධිකරණ තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාවෙන් පෙත්සමක්

මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය පිළිගන්නා ලෙස නියෝග කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අහෝසි කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අභියාචනාධිකරණය නිකුත් කළ නියෝග ක්‍රියාත්මක කිරීම වලක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස වෛද්‍ය සභාව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමෙන් සඳහන් කර තිබේ.

එමෙන්ම අදාළ නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙන අතර, එහි වග උත්තරකරුවන් ලෙස සයිටම් ආයතනය, උසස් අධ්‍යාපන ඇමැති, සෞඛ්‍ය ඇමැති ඇතුළු හය දෙනෙකු නම් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top